ගුරැවරියකගේ මතක 02

මගේ පොතේ වැරදි දැම්මේ කව්ද

හිතුවක්කාර සුළඟ එහාට මෙහාට නලියයි. අකීකරැ සාරි පොට මට කලින් ගමනේ යයි. ඉර එළියට ඔට්ටු වෙන ගහ කොළ කහ පැහැති වී ඇති හැටි දුක්මුුසුය. ඇහිපිල්ලමක් ගහන තප්පරෙට ශරීරයේ වෙහෙස උඩු දුවයි. ඓතිහාසික සංඛපාල වෙහෙර පිහිටි ගල් කඳු මුඳුන ඈතින් පෙනෙන මානයෙ ඉසව්වක පුංචි පාසලක දෙකෙ පන්තියේ ගුරැ පුටුවට ඇන තියාගෙන පොඩි උන්ගෙ ක්‍රියාකාරකම් දෙස බලා උන්නෙමි. පරඩැල් වු ජිවිත වලට පණ දෙන්නට පොඩි එකෙක් ගෙ එක හිනාවක් ඇතිය.
අව්වටම කළු ගැසුණු මුහුණු වලද බලාපොරොත්තුවේ සේයාවන් ඇත.
බරටම වැඩ කරන පොඩි උන් අතර එක් දැරියක් අනිකා සමඟ පොර අල්ලයි. මා පංතිය තුළ සිටින වගක් වත් ඇයට අදාළ නැත. කලහකාරි හැසිරිම අනෙක් දරැවා වෙත ඉසිලිය නොහැකි බව දැනුන හෙයින් මම ඇයව මගේ ළඟට ගෙන්වා ගතිමි.