ගුරුවරියකගේ මතක 4

දිනලා වරෙන්

මේ සටහන අදය. එය කතාවක් කරන්නට තරම් මා ශක්තිමත් නැත. ඒ කෙල්ල හැඩය. දගය. අල්ලපු දෙයකට හපන්ය.කටකාරය. ඇගේ අම්මා ජිවතුන් අතර නැත. අම්මා මිය යන්න පෙර දවසේ විදුහලේ මාපිය වන්දනාවකට ඇය ලෙඩ අම්මා කැටුව ආවාය. මම උන්නෙ ඇය අසලය. "කව්රු හරි දරුවෙක් තමන්ගේ අදහස් දක්වනවා නම් මම කැමැතියි" ස්වාමීන් වහන්සේ පැවසු විට කිසිම දරුවෙකු නැගිට සිටියේ නැත. මා අසල වුන් දුලිනි ව මම තල්ලු කලෙමි.