//
// 0
රණ්ඩුව
හා හා පුරා කියලා ඉස්කොලේ ඉස්සෙල්ලාම දවස. හරියටම මාසයක් නිවාඩුවට වහලා දාපු ඉස්කොලේට ම අද රජමඟුල් වගේ. පොඩි උන් එක්කම ගහ කොළ පවා ඔට්ටු සෙල්ලම් කරන්න පටන් අරන්. හැමදේම අළුත්.ඉස්කොලෙ විතරක් නෙවෙයි අහසත් හරි අළුත්.. සාරි පොට ඉව කරමින් අළුත් සුවඳයි කියන පුංචි උන් රොත්ත එක්ක මං ටිකක් වෙලා අතරමං වෙලා උන්නා.පොඩි උන්ට මාසයක් පුරා කියවන්න දාහක් දේවල් එකතු වෙලා තියෙනවා වගේ.හැමෝම ඕපදූප මළු පුරවන්න පටන් අරන් .ඒ අතරේ දේ...