//
// 0
මේ සටහන අදය. එය කතාවක් කරන්නට තරම් මා ශක්තිමත් නැත. ඒ කෙල්ල හැඩය. දගය. අල්ලපු දෙයකට හපන්ය.කටකාරය. ඇගේ අම්මා ජිවතුන් අතර නැත. අම්මා මිය යන්න පෙර දවසේ විදුහලේ මාපිය වන්දනාවකට ඇය ලෙඩ අම්මා කැටුව ආවාය. මම උන්නෙ ඇය අසලය. "කව්රු හරි දරුවෙක් තමන්ගේ අදහස් දක්වනවා නම් මම කැමැතියි" ස්වාමීන් වහන්සේ පැවසු විට කිසිම දරුවෙකු නැගිට සිටියේ නැත. මා අසල වුන් දුලිනි ව මම තල්ලු කලෙමි.
//
// 0
රණ්ඩුව
හා හා පුරා කියලා ඉස්කොලේ ඉස්සෙල්ලාම දවස. හරියටම මාසයක් නිවාඩුවට වහලා දාපු ඉස්කොලේට ම අද රජමඟුල් වගේ. පොඩි උන් එක්කම ගහ කොළ පවා ඔට්ටු සෙල්ලම් කරන්න පටන් අරන්. හැමදේම අළුත්.ඉස්කොලෙ විතරක් නෙවෙයි අහසත් හරි අළුත්.. සාරි පොට ඉව කරමින් අළුත් සුවඳයි කියන පුංචි උන් රොත්ත එක්ක මං ටිකක් වෙලා අතරමං වෙලා උන්නා.පොඩි උන්ට මාසයක් පුරා කියවන්න දාහක් දේවල් එකතු වෙලා තියෙනවා වගේ.හැමෝම ඕපදූප මළු පුරවන්න පටන් අරන් .ඒ අතරේ දේ...
File Under:
//
// 0
මගේ පොතේ වැරදි දැම්මේ කව්ද
හිතුවක්කාර සුළඟ එහාට මෙහාට නලියයි. අකීකරැ සාරි පොට මට කලින් ගමනේ යයි. ඉර එළියට ඔට්ටු වෙන ගහ කොළ කහ පැහැති වී ඇති හැටි දුක්මුුසුය. ඇහිපිල්ලමක් ගහන තප්පරෙට ශරීරයේ වෙහෙස උඩු දුවයි. ඓතිහාසික සංඛපාල වෙහෙර පිහිටි ගල් කඳු මුඳුන ඈතින් පෙනෙන මානයෙ ඉසව්වක පුංචි පාසලක දෙකෙ පන්තියේ ගුරැ පුටුවට ඇන තියාගෙන පොඩි උන්ගෙ ක්රියාකාරකම් දෙස බලා උන්නෙමි. පරඩැල් වු ජිවිත වලට පණ දෙන්නට පොඩි එකෙක් ගෙ එක හිනාවක් ඇතිය.
බරටම වැඩ කරන පොඩි උන් අතර එක් දැරියක් අනිකා සමඟ පොර අල්ලයි. මා පංතිය තුළ සිටින වගක් වත් ඇයට අදාළ නැත. කලහකාරි හැසිරිම අනෙක් දරැවා වෙත ඉසිලිය නොහැකි බව දැනුන හෙයින් මම ඇයව මගේ ළඟට ගෙන්වා ගතිමි.
File Under:
//
// 0
ඉර වැඩ පටන් ගෙන හුඟක් වෙලා ගිහින් වගේ තදේට අව්ව...කොළ පාටක් පේන තෙක් මානේක නෑ. දුවිලි පිරිච්ච ගුරු පාර දිගෙ හා හා පුරා කියලා වැඩ භාරගන්න විදුහලට ආවත් දැනුනේ මහ නුහුරු හැගීමක් විතරමයි. තළමල්විලටත් එහා හුඟක් දුෂ්කර ගමක පළවෙනි පත්වීම අරගෙන එනකොට දැක්කෙ පුංචි උන්ගෙ අව්වට පිච්චුණ මුහුණූ වලත් සුදු පාට හිනා.
File Under: